About Us

ආයූබෝවන් 😄🙏!

කාටත් තේරේන සිංහලෙන්ම මේක ගැන යමක් කිව්වොත් හොඳයි කියලා හිතුනා. ඇත්තටම මේක මගේ හිතේ කාලෙක ඉඳන් තිබ්බ අදහසක් (මම කියන්නෙ සයියා 😁). ගොඩක් අයට එක එක හේතු හින්දා ලෙක්චර්ස් මිස් වෙනවා වගේම නෝට් වල අඩුපාඩු ඇති වෙනවා. ඒ වගේම රිපීට් ලියන සමහර අයට නෝට් හොයා ගන්න ගියාම ප්‍රශ්න එනවා. තව විවිධ හේතු හින්දා නෝට් තව කෙනෙක්ගෙන් ඉල්ල ගන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. මේ හැම දේටම පිලියමක් විදිහට තමයි මන් මේ සයිට් එක නිර්මාණය කලේ 😌. මන් කරන electronic and telecommunications ෆීල්ඩ් එකට අදාලව විශයන් වල ඇති (4th semester එකේ ඉඳන්) මට ලබා ගතහැකි වූ සියලුම lecture notes, handouts, slides and reference books මන් මේ සයිට් එකට ඇතුලත් කරලා තියෙනවා. ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක ඕනම තැනක ඉදන් තමන්ට මග හැරුනු විශය කරුනු මේකෙන් ලබා ගන්න පුලුවන්.

මෙකේ තවත් විශේෂාංගයක් විදිහට මන් සමහර විශයන්ට අදාල සමහර විශය කරුනු සරලව පොස්ට් මගින් මේක පාවිච්චි කරන අයට ලබා දීමට කටයුතු කරනවා. තමන්ට පුලුවන් ආකාරයේන් මීට සම්බන්ධ වී දැනුම හුවමාරු කර ගන්න පුලුවන්නම් ඔවුන්ටත් නිසැකව මෙහි ඉඩක් වෙන්වෙනවා 😊.

වඩාත් හොඳම ඵලදායී දෙයක් මේ හරහා ඔබ වෙත ලබාදෙන එක මගේ එකම අරමුණයි. කිසිම මූල්‍යමය ලාභයක් මට මේකෙන් ලැබෙන්නෙ නැති බවත් කියන්න කැමතියි. මේකට මා විසින් සපයන තොරතුරු වලට අමතරව මේක හොඳින් පවත්වාගෙන යන්න තමන්ට හැකි අයුරින් notes දෙන පුද්ගලයන්වද ඇගයිය යුතුමයි.

Contributers 👇

⚜ Aminda

⚜ Dasunika

⚜ Hirunika

⚜ Rueni

⚜ Shevoni

ඉතින් හැමෝගෙම උදව්වෙන් පුලුවන් කාලයක් මේක හොඳින් කරගෙන යන්න බලපොරොත්තු වෙනවා.

✌ ජය ✌